ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ ප‍්‍රධාන තේමාවක් වන විද්‍යා, තාක්ෂණික සහ නවෝත්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කිරීමට ශී‍්‍ර ලංකාව සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහාතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අද (10) පෙරවරුවේ අමතමිනි.
ආසියානු සංවර්ධනය යනු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමන බවද පැවසූ ජනාධිපතිවරයා විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කර ගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට ද යෝජනා කර සිටියේය.
නැගී එන ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ශී‍්‍ර ලංකාවේ අරමුණ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වීම බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වේගවත් ආර්ථික ප‍්‍රගතියක් උදෙසා මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වන විට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කරමින් සිටින බවද කියා සිටියේය
නැගී එන ආසියාව ඉදිරි වසර කිහිපය තුළ ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානය හා මූල්‍ය කේන්ද්‍රය බවට පත්වනු ඇති බවටද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා කලාපයේ සහයෝගීතාවය තුළින් එම ඉලක්ක සපුරාගත හැකි බවද කියා සිටියේය.
මෙම සමුළුවේදී සම්මත කරගැනීමට නියමිත ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ 2030 සඳහා වූ දැක්ම සහ ඒ සඳහා වූ මාර්ග සිතියම තිරසර සංවර්ධනය සඳහා වූ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බෙහෙවින් උපයෝගී වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආසියානු සහයෝගීතා සංවාද කලාපයට අයත් රටවල සංචාරක ක්ෂේත‍්‍රයේ වර්ධනයට ඉමහත් ඉඩ කඩ තිබෙන බවත් එය තිරසාර, සමාජ, සංස්කෘතික හා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කරගත හැකි බවත් සඳහන් කළ ජනාධිපතිවරයා අද ශී‍්‍ර ලංකාව ආර්ථික වර්ධනයේ ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් ලෙස සංචාරක ක්ෂේත‍්‍රය හඳුනාගෙන තිබෙන බවද කියා සිටියේය.
ආසියානු සහයෝගීතා සංවාද සමුළුව කලාපය තුළ තිරසාර සාමය, මානව ආරක්ෂාව සහ සමෘද්ධිය ඇති කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා විශිෂ්ට අන්දමින් මෙවර සමුළුව සංවිධානය කර තිබීම පිළිබඳ තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාටත්, තායිලන්ත රජයටත් සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.
0 comments :
Post a Comment