අර්ජුන් මහේන්ද්‍රන් ගැන ඇමති රවී කතා කරයි

අර්ජුන් මහේන්ද්‍රන් ගැන ඇමති රවී කතා කරයි

බැදුම්කර ගණුදෙණුව පිළිබද මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති කොප් කමිටු වාර්තාව සම්බන්දයෙන් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරිමට වත්මන් රජය සුදානම් බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට එරෙහිව බැදුම්කර ගණුදෙණුව පිළිබදව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වි ඇති කොප් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේදැයි ඊයේ (29) ගාල්ලේදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

හෙතෙම මෙසේද කිවේය.

“එම වාර්තාව ගැන පාර්ලිමේන්තුවෙන් එකට අවශ්‍ය විදියට කටයුතු කරාවි. උසාවිය තියෙනවා. නිතිපති දේපාර්තමේන්තුව තියෙනවා. අපි මේක කිසිසේත්ම සගවන්නේ නැහැ. රාජපක්ෂ කාලයේ වගේ තිබුණු එවා යටගහන්න කටයුතු කරන්නේ නැහැ. ඒ කාලයේ මේ වගේ හැකියාවක් තිබුණේ නැහැ අපෙන් ප්‍රශ්න අහන්න. මේක දහ ගමනක් පෙන්වුවා කියලා වරද නිවැරදි වන්නේ නැහැ. නිවැරැද්ද වරදවන්නෙත් නැහැ. මේ ගැන විනිවිද භාවයකින් කටයුතු කිරිමට අපි සුදානම්“  

ගාල්ල ලලිත් චාමින්ද 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment