රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විදිමින් විවේචකයින් කුමන විවේචන සිදු කළද රටට වැඩක් කිරීමට කැමති සියලූදෙනා එක්කර ගනිමින් රට ගොඩනගන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද ඇතැමුන් හෙට ඉර පායන්නට පෙර ආණ්ඩුව කඩා වැටෙන අයුරින් විවිධ ප‍්‍රකාශ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා අලූතින් ආණ්ඩුවක් පත් වූ විට සියලූදෙනාගේ වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් එම ආණ්ඩුවට සහාය දැක්වීම මිස විවේචන කරමින් සිටීම නොවන බව ද කියා සිටියේය.
අතීත රජදරුවන් ඉදිකළ වාරිමාර්ග නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් වඩාත් විධිමත් සහ කාර්යක්ෂමව ගොවිජනතාවට වාරි ජලය සපයනු පිණිස ප‍්‍රතිසංස්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මිණිපේ වම් ඉවුරු ඇළ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඊයේ (06) පස්වරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව රට පාවා දෙමින් රට කැඞීමට උත්සාහ කරන බවටත්, නව ව්‍යවස්ථාව තුළ බුදු දහමට හිමි තැන අහිමි කිරීමට සූදානම් වන බවට මෙන්ම උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන බවට ප‍්‍රකාශ නිකුත් කරන සියලූදෙනාට තමා හමුවී එවන් සිදුවීම් සිදුවන්නේ කොතනදැයි තමා දැණුවත් කරන ලෙස ඉතා කාරුණිකව ආරාධනා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නම් සෑමවිටම ශක්තිමත් කළයුත්තේ ගොවි ජන ජිවිතය සහ ඔවුන්ගේ ආර්ථිකය බවද පැවසූ ජනාධිපතිවරයා රටට කෙතරම් ආයෝජන පැමිණිය ද රටේ ආර්ථිකය පිළිබඳ ඓතිහාසික සාක්ෂිය වන්නේ කෘෂි ආර්ථික සමඟ රට ගොඩනැගීම බවද කියා සිටියේය.
ගොවි ජන ජීවිතය සහ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ඉතා වගකීමෙන් කැපවී සිටින බවද අවධාරණය කළ ජනාධිපතිවරයා මහා වාරිමාර්ග සහ සුළු වාරිමර්ග ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන් කර තිබෙන බවත් ඉන් නිසි ප‍්‍රයෝජන ලබා ගැනීම ගොවි සංගම් නියෝජිතයින්ගේ වගකීම බවත් කියා සිටියේය.
අපේ රටේ වසර දහස් ගණනක ඉතිහාස කථාවේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය වර්තමාන ආණ්ඩුව තුළ තව තවත් ශක්තිමත් කරමින් ලෝකයේ ශක්තිමත්, ආදර්ශවත් සහ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනඟන බව ජනාධිපතිවරයා පැවසීය.
0 comments :
Post a Comment