විගණකාධිපති වාර්ෂික වාර්තාව නියෝජ්‍ය කථානායකට

විගණකාධිපති වාර්ෂික වාර්තාව නියෝජ්‍ය කථානායකට

රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල 2015 වර්ෂයේ විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වාර්ෂික වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලට පසුගිය 28 වැනිදා භාර දෙනු ලැබිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා වාර්ෂිකව මෙම වාර්තාව පාර්ලිමේන්තුවට භාරදිය යුතුය. 2015 ජනවාරි 1 දා සිට දෙසැම්බර් 31 දා දක්වා අතර කාලය තුළ විගණකාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරන ලද රාජ්‍ය ආයතන 1545 විගණන විමසුම් මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ ප්‍රකාශ කළේය.

මෙම වාර්තාව තුළ රාජ්‍ය ආයතන කාණ්ඩ 8 කට වෙන්කොට සකස් කර තිබෙන බවද විගණකාධිපතිවරයා කීවේය.රාජ්‍ය ආයතනයන්හි වගවීම හා වගකීම ඇතුළත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඔක්තෝබර් 30 හෝ ඉදිරිපත් කිරීම් සම්ප්‍රදාය අනුව මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පැවසී ය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී මෙම වාර්තාව භාරදුන් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ‍ලේකම් නීල් ඉද්දවලද සහභාගි වී සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment