අද (07) උදෑසන 10.00 සිට හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
ඒ, වතු හාම්පුතුන්ගේ සංගමය තමන්ට වැඩිකළ රුපියල් 730ක දෛනික වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් වතුකරය පුරා ප්‍රධාන මාර්ග අවහිර කර ස්ථාන කිහිපයකම වතුකම්කරුවන් උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලී තිබීම හේතුවෙනි.
වතු වෘත්තීය සමිති නායකයින් වතුකම්කරුවන්ට මෙම උද්ඝෝෂණය අත්හැර සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබියදීත් එම උපදෙස් නොතකා වතුකම්කරුවන් කියාසිටින්නේ තමන්ට පොරොන්දුවූ දිනකට රුපියල් 1,000ක වැටුප අනිවාර්යයෙන් ලබාදෙන ලෙසයි.
ඔවුන් මෙලෙස විරෝධතාවය නියැලෙන්නේ 12වන දිනටයි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
0 comments :
Post a Comment