'මාව ගණන් ගත්තේ නෑ' - ජනපති නොකී කතාව අසාද් සාලි හෙළි කරයි (VIDEO)  

'මාව ගණන් ගත්තේ නෑ' - ජනපති නොකී කතාව අසාද් සාලි හෙළි කරයි (VIDEO)  

රාජපක්ෂලා වාඩිවී හොරකම් කළ බවත් වත්මන් ආණ්ඩුව දුව දුව හොරකම් කරන බවත් ජනතා බුද්ධි මණ්ඩපයේ සාමාජික අසාද් සාලි මහතා පැවසුවේය.

ජනතා බුද්ධි මණ්ඩපය ඊයේ (27) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. 

ශ්‍රීලනිපයේ නායකත්වය ගැනීම, හොරකමට වංචාවට අහුවුණ පුද්ගලයින් කැබිනට් එකට ගැනීම, ප්‍රකාශයක් නිකුත් කිරීම යන කාරණා තුන ජනාධිපතිවරයා සිදුකළ වැරදි තුනක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එම ප්‍රකාශය පිළිබඳ තමා පෞද්ගලිකව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බව පැවසූ අසාද් සාලි මහතා එහිදී ජනාධිපතිවරයා පැවසූ කාරණය පිළිබඳ මෙලෙස පැහැදිලි කළේය.

“මම අවුරුද්දක් තිස්සේ කතා කළා කිව්වා. ගණන් ගත්තේ නෑ කිව්වා. ඒකයි ජනතාව ඉදිරියට ඇවිත් කියන්න වුණේ කියලා. ජනාධිපතිවරයා මගෙන් ඇහුවා තමුන්නාන්සේ පුළුවන් නම් කියන්න මට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හරි හොරකමට අරගෙන තියෙනවද ඇහුවා. මට උත්තරයක් තිබුණෙ නෑ. ඒක එක පැත්තකින් හරි“ යනුවෙන් අසාද් සාලි මහතා කියා සිටියේය.

“එදා අපි බැසිල් රාජපක්ෂට කිව්වේ මිස්ටර් සියයට 40 කියලා. දැන් මේකේ සියයට 40 උඩ ඉදන් පහලට දෙන්න වෙලා තියෙනවා. ඒ මාස විස්සකට රාජපක්ෂලා වාඩිවෙලා හොරකම් කෙරුවා. මුන් දුව දුව හොරකම් කරනවා.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment