ඒකාබද්ධ විපක්ෂය විසින් රත්නපුර පැවැත්වීමට නියමිත රැස්වීම සඳහා සීවලී ක්‍රීඩාංගණය ලබාදීම දේශපාලන බලපෑම් මත අහිමි කිරීමට උත්සාහ ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි වන මාගේ "ලේලිය" කරන ප්‍රකාශ අසත්‍ය යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
අමාත්‍ය ජොන් සෙනෙවිරත්න මහතා ඥාතීත්වයෙන් මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ලේලියක වෙන අතර මන්ත්‍රීවරියට ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා ඥාතීත්වයට මාමා වෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහනකට රත්නපුර පැරැණි ලොරි රථගාල ලබාදෙන ලෙස රත්නපුර මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ඉවෝන් අත්තනායක කළ ඉල්ලීමක් අනුව රත්නපුර මහ නගර සභාවේ කොමසාරිස්වරයා එම රථගාල දී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් මුලින් රථගාලද පසුව සීවලී ක්‍රීඩාංගණය ද ඉල්ලා ඇති බවත්, රථගාල ලබාදීමට නාගරික කොමසාරිස්වරයා අනුමැතිය දී ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.
රත්නපුරේ සීවලී ක්‍රීඩාංගණය ලබා නොදුන් බවට කරන චෝදනාව තමන්ට එල්ල විය හැකි නිසා මෙම ප්‍රකාශය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
කවුරු රැස්වීම් තිබ්බත් පක්ෂය දෙකඩ නොවන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
0 comments :
Post a Comment