රවීට එරෙහිව චෝදනා 12ක් - ඒකාබද්ධය අල්ලස් කොමිසමට යයි (VIDEO)

රවීට එරෙහිව චෝදනා 12ක් - ඒකාබද්ධය අල්ලස් කොමිසමට යයි (VIDEO)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව චෝදනා 12ක් පවතින බවත් අද (09) දිනයේදී එයින් චෝදනා 03ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම ආරම්භ කළ බවත් පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පැමිණිලි කළ බවත් මේ ආකාරයට දූෂිත ලැයිස්තුවේ ඉහළම 10 දෙනා ගැන විටෙන් විට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

අද දින එම අවස්ථාවට එක්වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව තුළ හිඳිමින් විශාලම වංචා සිදුකළැයි කියන ‘ටොප් ටෙන්‘ ඇමැතිවරුන් සිදුකළ සියලු වංචා හා දුෂණ,රාජ්‍ය දේපළ අවභාවිතය හා මංකොල්ලාකෑම් පිළිබඳ සොයන ලෙස අල්ලස් කොමිසමට පැමිණිලි ගොනුකරන බවත් එම විමර්ශන නිසි පරිදි සිදුවන්නේ දැයි ඒකාබද්ධ විපක්ෂය විමසිලිමත්ව සිටින බවත් ය.

වීඩියෝව පහතින්

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment