විමල්ගේ දියණියගෙන් සමාජ ජාලා හිංසනය ගැන පැමිණිල්ලක්


පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී අසල්වාසී තරුණයෙකු මියයාමෙන් පසු තමා ගැන


සඳහන් කරමින් ඒ සම්බන්ධ මඩ ප්‍රචාර සමාජ ජාලා හා වෙබ් අඩවි වල පළවී ඇති බවත් ජනමාධ්‍ය මගින් තමන්ගේ පුද්ගලිකත්වයට හානිකර හිංසනයන් සිදු කරමින් සිටින බවත් පවසමින්
විමල් වීරවංශ මහතාගේ දියණිය අද (04) දින ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කර ඇත.

තමන්ගේ පුද්ගලිකත්වයට හානි වන ආකාරයේ තොරතුරු සහ ඡායාරූප පළ කර ඇති බවට සාක්ෂිද ඇය එහිදී ඉදිරිපත් කර ඇත.
 එම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගනු ඇතැයි වාර්තාවේ.

විමල්ගේ නිවසේදී මියගිය තරුණයා සම්බන්ධ තවමත් විවෘත තීන්දුවක් ලබාදී තිබෙන අතර විමල් වීරවංශ පවසන්නේ ඔහු මියගියේ හෘදයාබාධයක් නිසා බවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment