විමල් ජනාධිපති කොමිසම ඉදිරියේ චෝදනා පිටපත් පොළොවේ ගහලා


පසුගිය රජය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවී ඇති කෝටි 3කට ආසන්න මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙන් බරපතළ වංචා
දූෂණ විමර්ශනය කරන ජනාධිපති

පරීක්ෂණ කොමිසම පසුගිය සිකුරාදා (4දා) මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කළ සිද්ධියට අදාළ පළමුවැනි නොතීසිලත් පාර්ශ්වකරු වන මන්ත්‍රි විමල් වීරවංශට අදාළ විමර්ශන චෝදනා ඇතුළත් දිවුරුම් සාක්ෂි ලිඛිත පිටපත් භාර දෙන අවස්ථාවේදී ඔහු විසින් එය අතට ගත් සැණින් කොමිසමේ නිලධාරීන් ඉදිරියේ පොළොවේ ගසනු ලැබීය.

මේ අතර එහිදී එක් එක් නොතීසි ලත් පාර්ශ්වයන්ට අදාළ විමර්ශන චෝදනා සම්බන්ධයෙන් රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥවරයා විසින් කරුණු දක්වන අවස්ථාවේදීත් තමන් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිටින්නේ යැයි කියා ගාණක් නොගෙන ඔහු ශබ්ද නඟා සිනාසෙන අයුරුද දක්නට ලැබිණි.

පහන් විජේසේකර
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment