කරාපිටියේදී කළ විශ්මිත සැත්කම (PHOTOS)

කරාපිටියේදී කළ විශ්මිත සැත්කම (PHOTOS)

13න් හැවිරිදි පාසල් දැරියකගේ අදර මහ ශිරාවේ හා දකුණු වකුගඩුව පුරා පැතිරි තිබු පිලිකාවක් විශ්මිත සැත්කමක් මගින් ඉවත් කොට එම දැරියගේ ජිවිතය බේරා ගැනිමට ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක අඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබේ.

මෙලෙස සැත්කමට භාජනය වී ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි දැරියකි.

ඇයගේ අදර මහ ශිරාවේ තිබු පිලිකා කොටස් හා දකුණු වකුගඩුව ඉවත් කිරිමට මෙම සැත්කම මගින් පියවරගෙන තිබුණි.

ළමා රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ මහතා විසින් මෙම දැරිය ස්කෑන් පරික්ෂණයකට භාජනය කිරිමෙන් පසු සැත්කම කිරිම සදහා වෛද්‍ය රංජුක මහතා වෙත යොමුකොට තිබේ.

දැරියගේ උදරය හා පාද ඉදිමීම නිසා ප්‍රතිකාර ගැනීම සදහා පළමුව පැමිණ ඇත්තේ ජනත් ලියනගේ වෛද්‍යවරයා වෙතයි.

සෙන්ටිමිටර් 10ක පමණ විෂ්කම්භයෙන් යුත් විශාල පිළිකා ගෙඩියක් සැත්කම මගින් ඉවත් කර තිබේ.

මෙය ඉතා අවදානම් මෙන්ම දුර්ලභ සැත්කමක් වු අතර අදර මහ ශිරාවෙන් රුධිරය වහනය වුයේ නම් සැත්කමේදිම දැරියගේ ජිවිතය නැතිවිමට පවා ඉඩ තිබුණි.

දැරියගේ ජිවිතය බේරා ගැනිම සදහා කළ යුතු එකම දේ වී ඇත්තේ මෙම ශල්‍යකර්මය සිදුකිරීම පමණි.

සැත්කම සදහා පැය 05ක් පමණ ගතවී අැති අතර මේ වනවිට එම දැරිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වේ.

මෙම විශ්මිත සැත්කම පිළිබදව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක මහතා මෙසේ අදහස් දැක්වීය.

" මේ දරුවාගේ උදරය ඉදිමීමට හා බඩේ කැක්කුමට ප්‍රතිකාර ගන්න තමයි ආවේ. පසුව ඇය ළමා ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ මහතා විසින් ස්කෑන් පරික්ෂණයකට ලක්කළා. එම පරික්ෂණයට අනුව දැරියගේ අක්මාව යටින් පහලට වන්න විශාල ගෙඩියක් වර්ධනය වෙලා තිබුනා. මෙම පිලිකා ගෙඩිය අදර මහ ශිරාවට හා දකුණු වකුගඩුවට පැතිරිලා තිබුණා. සිරුරේ සියලුම ඉන්ද්‍රියන්වල රුධිරය හෘදය වස්තුවට වැටෙන්නේ අදර මහ ශිරාව හරහා. අදර මහ ශිරාව දිගේ හෘදය වස්තුවට යනකම් මෙම පිලිකාව පැතිරිලා තිබුනා. මෙය ඉතා අපහසු මෙන්ම අවදානම් සැත්කමක්. ඒ නිසා අපට එම සැත්කම කිරිමට පෙර ඒ ගැන සැලසුම් කරන්න වුනා. ඇත්තටම අදර මහ ශිරාව පුරාම පිලිකාව පැතිරිලා තිබුනා.

හෘද කුහරය විවෘත කරන්න වේවි කියලත් අපි හිතුවා. ඒ නිසා මෙම සැත්කම කළේ හෘද හා උරස් කුහර ඒකකය තුල. දැරියගේ හෘද කුහරය විවෘත කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සදහා හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතාත් සුදානමින් හිටියා. ඇලෙක්සෙන්ඩර් වෛද්‍යවරයා විසින් තමයි නිර්වින්දන කටයුතු කළේ. පෙෂර් එක අඩුවෙන් තියා ගන්න අවශ්‍ය්‍ය වුනා. ධමනිවලත් පේෂර් එක අඩුවෙන් තමයි තියා ගන්න අවශ්‍ය වුනේ. මේ නිසා ඉතා ප්වේශමෙන් තමයි නිර්වින්දනය කිරිම කළේ. හරහට කැපුමක් යොදලා තමයි මේ ශල්‍ය කර්මය කිරිමට පටන් ගත්තේ. මෙය ඉතා අවදානම් සැත්කමක්. අධර මහ ශිරාව පාලනය කරන්න අවශ්‍ය වුනා. විශාල රුධිර වහනයක් කරන්නේ නැතිව අධර මහ ශිරාව විවර කරලා ඇගිලි මගින් පිලිකා කොටස් ඉවත් කිරිමට කටයුතු කළා. ශිරාව පිරෙන්නම පිලිකා කොටස් තිබුනා. නමුත් හෘද කුහරය විවෘත කරන්න අවශ්‍යවුනේ නැහැ. දකුණු වකුගඩුවම පිලිකාවක්. සෙන්මිටර් 10ක් පමණ විෂ්කම්භයෙන් යුත් පිළිකා ගෙඩියක් තමයි තිබුණේ. දැන් දැරිය සුවයෙන් ඉන්නවා".

මෙම සැත්කම සිදුකිරීමට ජනත් ලියනගේ, තුෂාන් ගුණරත්න හා ප්‍රසාද් යන වෛද්‍යවරුන් තමාට සහය වූ බව ද ඒ මහතා කියාසිටියේය.

ඡායාරූප පහතින්.

ගාල්ල - ලලිත් චාමින්ද

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment