කොටි සැමරුමට එක්වෙන්නැයි යාපනය සරසවියේ පොස්ටර් (PHOTOS)

කොටි සැමරුමට එක්වෙන්නැයි යාපනය සරසවියේ පොස්ටර් (PHOTOS)

මෙම මස 26 සහ 27 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය හා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට එක්වන්නැයි ඉල්ලා යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා ඇති බව වාර්තා වේ.

යාපනය පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ (24) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් මෙලෙස විශ්වවිද්‍යාලය තුළ පෝස්ටර් අලවා ඇති බවයි.

'යාපනය සරසවි එකමුතුව' නමින් අදාල පෝස්ටර් විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක තැනින් තැන අලවා තිබූ අතර අදාල පොස්ටර් මගින් පෙන්වා දී තිබුනේ යුද්දයෙන් මිය ගිය කොටි සාමාජිකයින් සහ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරිය යුතු බවය.

අදාල පෝස්ටර් ඇලවූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර එම පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව යාපනය පොලීසිය කියයි.

මේ අතර 26 සහ 27 දිනයන්හි උතුරේ යාපනය සරසවිය නල්ලූර් කෝවිල ඉදිරිපිට, කිලිනොච්චිය හා වව්නියාවේ යුද්දයෙන් මිය ගිය සාමාජිකයින් සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට ඇති අතර අදාල සැමරුම් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ කොටි සංවිධානය හෝ එහි නායකයා වු ප්‍රභාකරන්ගේ රුව සහිත සැමරුම් සිදු වන්නේද යන්න පිළිබඳව උතුරේ පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ දැඩි සෝදිසියකින් සිටින බවත් එවැනි සිදුවීමක් සිදු වන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බත්ට ආරක්ෂක අංශ කියාසිටී.

ඡායාරූප පහතින්.

වන්නි -  රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment