'ජිල් ඉන්නවා ජැක් නෑ' - ඩිලාන් අලුත් පක්ෂය ගැන කතා කරයි (VIDEO)

'ජිල් ඉන්නවා ජැක් නෑ' - ඩිලාන් අලුත් පක්ෂය ගැන කතා කරයි (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ආණ්ඩුව පාලනය කිරීමේ හැකියාව තිබුන ද මේ වන විට ඒකාබද්ධ විපකෂයවත් නිසි පරිදි පාලනය කිරීමේ හැකියාවක් ඔහුට නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, බැසිල් රාජපක්ෂ මහත්තයා පක්ෂයක් හැදුවද කියලා අපි දන්නේ නෑ. නමුත් ජී. එල් පීරිස් මහත්තයාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් හදලා තියෙනවා කියලා කියනවා. ඒකත් එක්ක මට මතක් වෙන්නේ අපි පුංචි කාලේ අහපු ජැක් ඇන්ඩ් ජිල් කතාව. ඉතිං දැන් ජිල් ඉන්නවා ජැක් නෑ. ජිල් මහත්තයා දැන් ජැක්ව හොයනවා. ඉතිං දැන් ජිල් මහත්තයා බාල්දිය ඔලුවේ දාගෙන ජැක් හොයනවා. යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය සන්ධාන ආණ්ඩු සමයේ නම් ආණ්ඩුව පාලනය කළ දුරස්ථ පාලකය වූයේ බැසිල් රාපක්ෂ මහතා වුවද නව පක්ෂය තුළ ජී. එල් පීරිස් මහතා හැරුණු කොට කිසිදු ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයෙකු නොමැති නිසා එහි දුරස්ථපාලකය ලෙස කටයුතු කරන්නේ බැසිල් රාපක්ෂ මහතාමදැයි තමන් නිශ්චිතව නොදන්නා බවයි.

වීඩියෝව පහතින්. 

බදුල්ල - පාලිත ආරියවංශ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment