පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 33කට තුවාල

පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට - 33කට තුවාල

බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 33 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

අද (23) අලුයම 5.00 ට පමණ කොළඹ-නුවර මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ බටලීය හංදිය ආසන්නයේ සිදුව ඇත.

වරකාපොළ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බස් රථය පෙරළී ගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට පත් රථ දෙකට පිටුපසින් පැමිණි වෙනත් මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක්ද අනතුරට ලක්ව හානි සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

නිට්ටඹුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment