සෝභිත හිමිගේ කෝටි දෙකේ සුපිරි රථය අතුරුදන්

සෝභිත හිමිගේ කෝටි දෙකේ සුපිරි රථය අතුරුදන්

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් භාවිත කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථය අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මිරිහාන පොලීසිය ඒ පිළිබඳව විමර්ශන මෙහෙයවන බවත් පැමිණිල්ල සිදුකර ඇත්තේ කෝට්ටේ නාග විහාරවාසී පූජ්‍ය උඩතලකන්දේ ආරියරත්න හිමියන් ඇතුළු දායකයන් පිරිසක් විසින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මීට මාස හතකට පමණ පෙර සිට අදාළ මෝටර් රථය අතුරුදන් වී ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment