ලක්ෂ දෙකේ බස් දඩයක් ළගදීම

ලක්ෂ දෙකේ බස් දඩයක් ළගදීම

මාර්ග බලපත්‍ර රහිතව බස් ධාවනය කිරීමේ වරදට දඬුවම වන රුපියල් 10,000ක් වූ දඩය රුපියල් ලක්‍ෂ 2ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත්, එම නීතිය හෙට අනිද්දාම සම්මත කරගන්නා බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පෞද්ගලික බස්රථ නියාමනයේදී උතුරු පළාත් සභාව එක්තරා ආකාරයක නීති කඩන ස්වරූපයක් දක්නට ලැබෙන බවත්, අන්තර් පළාත් බස්රථ ධාවනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබානොගෙන බස් ධාවනය තහනම් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තමන්ගේ අතේ හයිය සහ ඇඟේ හයිය පාවිච්චි කර බලපත්‍ර රහිත බස් රථ 70ක් පමණ ධාවනය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා දඩය රුපියල් 10,000 ගෙවා පසුවදාත් එම වරදම සිදු කරන බවත්, ඒ නිසා බස් රථ ධාවනය විධිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමතය නව දඩ ක්‍රමය සඳහා ලබාගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

රුපියල් ලක්‍ෂ 1,950ක වියදමින් වවුනියාව නගරයේ ඉදිකළ නව බස්නැවතුම්පොළ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කෙළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment