අර්ජුන් මහේන්ද්‍රන් යළි මුදල් අමාත්‍යංශයට?

අර්ජුන් මහේන්ද්‍රන් යළි මුදල් අමාත්‍යංශයට?

බැදුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා යළි මුදල් අමාත්‍යංශයේ  මහ බැංකු උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ රැස්වීම් වලට පවා එහි උපදේශක වරයෙක් ලෙස සම්බන්ධ වී ඇති බව පෙන්වා  දෙමින් දුෂණ විරෝධධි පෙරමුණ විසින් අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ එහි උපදේශක කීර්ති තෙන්නකෝන් යන අයගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපිය පහත දැක්වෙයි.

මාධ්‍ය ඒකකය

දූෂණ විරෝධී පෙරමුණ

2017 ජනවාරි 23

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 1.

ගරු ජනාධිපතිතුමනි,

 

මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටයුතු කිරීම

බැදුම්කර වංචාව පිළීබද විමර්ශනය  කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාපත් පත් කිරීමට ඔබතුමන් ගත් පියවර පිළිබද දුෂණ විරෝධී පෙරමුණේ ස්තුතිය පිරිනමමි.

කෙසේ නමුත්, ප්‍රශ්නකාරී බැදුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු උපදේශක ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී.

මුදල් අමාත්‍යවරයා විසින් සතියේ අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මහ බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,ආර්.පාස්කරලිංගම් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග   සමග සවස 5 ට පවත්වනු ලබන රැස්වීමට මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් අර්ජුන් මහෙන්ද්‍රන් සහභාගි වී ඇත.  කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් වූ පසුව මුලින් මෙම රැස්වීම සදුදා සහ බ්‍රහස්පතින්දා සවස 5 ට ජූලි, අගෝස්තු සහ සැප්තෑම්බර් මාස වල දී පවත්වනු ලැබීය.  ඉන් පසුව, මෙම රැස්වීම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 5 ට සිරිතක් ලෙස මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

අවසන් වශයෙන් මෙම රැස්වීම පැවැත්වුයේ 2017 ජනවාරි 6 දින පෙ.ව. 11 ට මුදල් අමාත්‍යාංශයේ දී ය.  

ඉහත රැස්වීමේ දී සිරිතක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් වත්මන් බැංකු අධිපති කුමාරස්වාමි මහතා වෙත ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු කර ඇත.  මෙය ශ්‍රී ලංකා බැංකු පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් වේ.

අල්ලස, දුෂණය වංචාව මැඩලීම සදහා වත්මන් යහපාලන රජයේ කැපවීම වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු කාලය දැන් එළැඹ ඇතැයි අප සිතමු.

ගරු ජනාධිපතිතුමනි,

තවමත් මුල්‍ය මණ්ඩලයට උපදෙස් දෙන්නේ ප්‍රශ්ණ්ගත හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නම්, ඔබ විසින් පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව තවත් එක් කාලය කා දැමීමේ උපක්‍රමයක් ලෙස ජනතාවට තේරුම් ගනු ඇත්තේය.

එබැවින්, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දැමීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.

මෙයට විශ්වාසී,

පූජ්‍ය උලපනේ සුමංගල හිමි                                              රජිත් කීර්ති තෙන්නකෝන්

සභාපති/දුෂණ විරෝධී පෙරමුණ                                        උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

1.       ලේකම් මුදල් අමාත්‍යාංශය

2.       අධිපති - ශ්‍රී ලංකා මහ බැංකුව

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment