රන්බඩු සඳහා ප්‍රමිති මුද්‍රාව අනිවාර්යයි

රන්බඩු සඳහා ප්‍රමිති මුද්‍රාව අනිවාර්යයි

ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම 2018 වසරේ ජනවාරි 01 වැනි දා සිට අනිවාර්ය කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර පවසයි.

අඩු ප්‍රමිතියෙන් යුතු ස්වර්ණාභරණ වෙ‍ෙළඳපළට එක් වීම වැළැක්වීම සඳහාත් පාරිභෝගික සුරක්ෂිතතාව සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුව අරමුණු කර ගෙන ඇති අතර අදාළ ගැසට් නිවේදනය මේ මස අවසානයේ නිකුත් කිරීමට සැලසුම් කොට ඇති බවත් සභාපතිවරයා කීය.

මෙතෙක් කර්මාන්ත කරුවන්ගේ කැමැත්ත මත පවතින නිතීමය රාමුව තුළ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණ ප්‍රමිති මුද්‍රා තබන බවයි. නමුත් එයට රටපුරාම සිටින ස්වර්ණාභරණ කර්මාන්ත කරුවන් යොමු නොවන නිසා ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වෙළෙඳපළේ අලෙවි වන සෑම ස්වර්ණාභරණයක් සඳහාම අදාළ ඛාණ්ඩ යටතේ ප්‍රමිති මුද්‍රා තැබීම අනිවාර්ය කරන බව වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment