උපවාස කළ සිල්මාතාව රෝහල්ගත කරති

උපවාස කළ සිල්මාතාව රෝහල්ගත කරති

වත්මන් රජයට ඉල්ලා අස්‌වන ලෙස බල කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස පසුගිය 22 වැනිදා පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක නිරතව සිටි සිල් මෑණින් වහන්සේ දැඩි ලෙස රෝගාතුර වී මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ එදින ප්‍රකාශ කළහ.

“සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතුයි“ යෑයි සිල් මෑණියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment