කොළඹ ආරක්ෂක සමුළුව ලබන 28 සහ 29

COLOMZBO_L

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වාර්ෂිකව සංවිධාන කරන "කොළඹ ආරක්ෂක සමුළුව 2017" ලබන 28 සහ 29 යන දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

"ප්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම: ගෝලීය ප්‍රවණතා" යන මාතෘකාව යටතේ දේශීය හා විදේශීය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වෙන අතර, ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කරගැනීම ප්‍රධාන වශයෙන් මේ සමුළුවේදී සිදුකරනු ලැබේ. කලාපීය හා ගෝලීය කරුණු ඇසුරින් ස්ථාවර වටපිටාවක් ගොඩනඟා ගැනීමට අදාළ වන ජාතික හා ජාත්‍යන්තර තලයේ විසඳුම්ද සාකච්ඡාවට භාජන කෙරේ.

යුද්ධ හමුදාපතිගේ ඍජු උපදෙස් මත පවත්වන මේ සමුළුව හත්වැනි වරටත් පවත්වනු ලබන අතර, එහිදී දේශීය හා විදේශීය ආරාධිත සම්පත් දායකයන් 27 දෙනකුට අධික සංඛ්‍යාවක් විවිධ තේමා පාඨයන් යටතේ දේශන පවත්වනු ලබයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment