පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර කෙටුම්පතට එරෙහිව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබා දී නොමැත.
ඊයේ දිනයේ පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී පනත් කෙටුම්පත පිලිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට පක්ෂ නායකයන්ගේ අනුමැතිය හිමි වූ අතර ඒ අනුව අද දහවල් ඡන්දය පැවැත්විණි. ඊයේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය ජූලි 20 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
0 comments :
Post a Comment