බැර ලෝහ පරිසරයට මුදා හැරීමේ ජාවාරමක් හෙලිවේ!

බැර ලෝහ පරිසරයට මුදා හැරීමේ ජාවාරමක් හෙලිවේ!

දැනට මාස ගණනක සිට ඉතාමත් සූක්ෂමව පවත්වාගෙන යන බවත් ඒ හේතුව සිසාවෙන් මේ වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් පැන නැගී ඇති බව කියයි.

වාහන වලින් ඉවත දමන ලද පරණ බැටරි වාහන යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම කර්තව්‍ය යේදී බැරලෝහ ස්භාවික පරිසරට මුදාහැරීමට කටයුතු කර ඇත. මෙම අපද්‍රව්‍ය මුදා හරින් නේ මී ඔය ඇළ රක්ෂිතයට හා ඉන් ඔබ්බට අක්කර 50ට ආසන්න ඝණ කැලෑවකින් ආවරණය වී තිබූ පුද්ගලික ඉඩමක් මේ සදහා යොදා ගෙන තිබෙන බවටයි ගම්මුන් චෝදනා කරන්නේ.

ඊයම් මිශ්‍ර අබිලි ද්‍රව්‍ය බැරලෝහ ප්‍රවාහනය කිරීම සදහා බල පත්‍රයක් පරිසර අධිකාරියෙන් ලබාගත යුතු වුවත් එවැන්නක් සිදුවෙනවාද යන්න ගැටළුවක් බව ප්‍ර දේශවාසීන් පවසති

මෙම රසායනික ද්‍රව්‍ය නිසාවෙන් මී ඔය ආශ්‍රිත මත්ස්‍ය සම්පත සීඝ්‍රයෙන්වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව ගම්වාසීන් පෙන්වා දෙයි.

ඊයම් මත්ස්‍යයින්ගේ සිරුරේ තැන්පත් වීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට ගැනීමෙන් පසු මිනිස් සිරුරේද ඊයම් තැන්පත් වන බවත්, මේ හේතුවෙන් බිහිවන දරුවන්ද, වැඩි පිරිසක් නිල්දරු උපත්, අංගවිකල, මන්ද බුද්ධික වැනි රෝග වලින් පෙලෙන පිරිසක් බවට පත්වන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

මෙවැනි සාපරාධි ක්‍රියාවන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව, වනාතවිල්ලුව ප්‍රජා පොලිස් ඒකකය තුට්ටුවකටවත් මායිම් නොකිරීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

සටහන පුත්තලම කේ.ප්‍රියංකර

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment