ශ්‍රී ලංකාව අද වන විට දැඩි නියං තත්වය සහ ගංවතුර තත්වය යන ස්වභාවික විපත් දෙකකට ම මුහුණ දී ඇති බවත් එහෙයින් කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහෙයින් පවතින සියලු තත්වයන් අභිබවා යමින් කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් කෘෂි නිශ්පාදන ඉහළ දැමීමට රජයක් ලෙස තමන් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාමයට සමගාමීව ගොවීන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මඟින් ලබා දිය හැකි සහන පිළිබඳව සාකච්චා කරමින් පවතින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. එසේම එළඹෙන 2018 වර්ෂය 'දේශීය ආහාර නිශ්පාදන වර්ෂය' ලෙස නම් කෙරෙන බව ද ඔහු පැවසීය.
රජයේ සියලු ඉඩම් වල වගා කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛ නිකුත් කර ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එහෙයින් කෘෂිකර්මාන්තයට අදාළ නොවන බව පවසමින් කිසිදු අමාත්‍යාංශයකට, දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවකට මෙම වැඩපිළිවෙල මඟ හැරිය නොහැකි බව ද පෙන්වා දුන්නේය.
එසේම, වගා නොකරන පුද්ගලික ඉඩම් වෙනත් අයට වගා කටයුතු සඳහා පැවරීමට ගොවිජන සේවා පනත යටතේ ඇති බලතල පාවිච්චි කරන බව ජනපතිවරයා පැවසූ අතර එම නීති ප්‍රමාණවත් නොමැති නම් මහජන ආරක්ෂක පනත යටතේ එවන් ඉඩම් වගා කිරීම සඳහා පවරා දීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද අවධාරණය කළේය.
0 comments :
Post a Comment