ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි

ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි

 

ශේන් හෙව්වෙම මැටිල්ඩාගේ,
කම්මුල් වල උණුහුම...
ඒත් 
මැටිල්ඩාගේ දෙවනි කසාදෙත්,
දික්කසාද වෙනකොට..
ඇඳ උඩ ඉඩ තිබුණේ,
ලියෝන්ට..

රයන්,
ආදරේ කරේ ලියෝන්ට..
චී වනචරයා!
ලියෝන් එහෙම බැන්නට..
රෑට රෑට බෝඩිම් කාමරේ දොර ඇරුනේ,
දිව්‍ය ලෝකෙන් අපායට..

විසල් නම් සිංදුවක් කිව්වා ව්තරමයි..
ලිහිණි තොල් ඉම්ඹේ,
ආදරෙයි නොකියම...
විසල් ආදරේ කරේ,
හඳට..
ඌට කියලා පොළවේ,
අයිතියක් ඇති දෙයක් නැති කමට...

රාඝවන්.. අකුරක්වත් දැනන් නොහිටිය..
සිංහලත් ඇමිණුවේ,
ලිහිණිට...
බඳින්නට නියම වුන ස්වේතාට හොරටම..

කළු දෙමළ ඇස් පෙනුනේ හරිම 
නුහුරුවට ඈට..
ඒ තමයි බෝම්බ..
මරාගෙන මැරෙන..

ෆායිස් ගේ හත්වෙනි බිරිඳ විදියට,
මැටිල්ඩාගේ නංගී දීග යනකොට..
හිස් උනා විතරයි..
තමන්ගේ හිස්කම..
මුව හමක් තිබුණ හින්දම තඩි බාන්නට...

අහම්බෙන් ඇවිත්,
එහා පැත්තේ කාමරේට,
ලාරා, 
අක්කෙ ගිණි කූරක් යැ ඉල්ලනකොට..
ගින්දර නොතිබ්බම නෙවෙයි ඇස් වල...

හොඳටෝම වෙරි වෙච්ච හවසක,
ඉඹ ඉඹ ඈ,
හිස අතගාන කොට..
ලිහිණිගෙත් 
හදවතේ ප්‍රේමයක් පිළිසිඳ..
තොල් අඟුලු වැටුනෙම,
සංසාර ප්‍රේමය මෙයයි කියලම!

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment