මගේ ජීවිතේ වැඩි පුරම කෙස් ගැලවුනේ මුදල් ඇමැතිකමේ වැඩකරපු පහුගිය මාස හය

මගේ ජීවිතේ වැඩි පුරම කෙස් ගැලවුනේ මුදල් ඇමැතිකමේ වැඩකරපු පහුගිය මාස හය

 

ඒ මහතා මේ බව පවසා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ ඊයේ (24) ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. සම්මන්ත්‍රණය මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි.
විවෘත ආර්ථිකය නිසි පරිදි රට තුළ ක්‍රියාත්මක වූයේ වසර දෙකක කාලයක් පමණක් බවත්, අසූව දශකයේ මුල් කාලය තුළ යුද්ධයත් සමග ආරම්භ වූ ආර්ථික පරිහානිය 2015 වසර දක්වා විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා -

‘ඇත්තට ම අපේ රටේ ආර්ථිකයේ වක්‍ර සහ සෘජු ආදායම 80-20 මට්ටමේ තමයි තියෙන්නෙ. හරියට ම කිවුවොත් එම අනුපාතය 82 – 18ක් විතර. මේක පුදුමයට වගේ ම කණගාටුවට කරුණක්. බංග්ලාදේශය වගේ කලාපීය රටවල් ඒ අතින් අපට ඉස්සර කරගෙන යන්නෙ. අසැල්වැසි ඉන්දියාවේ මේ අනුපාතය 50-50 මට්ටමේ තියෙන්නෙ. අපේ රටේ ඒ අනුපාතය 80 – 20 මට්ටමේ තියෙනව කියල කියන්නේ අපි බදු බර පටවන්නේ දැනට බදු ගෙවමින් සිටින අයටමයි. ඒ නිසා තමයි මේ නව දේශීය ආදායම් පනත ගෙන ආවෙ.

පනතක් ගෙනාවට වැඩක් නැහැ ඒක ප්‍රායෝගිකව ජනතාව අතර ගෙනියන්නෙ නැත්තෙන්. අද මේ ආරම්භ කරන සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ තමයි පනත ගැන දැනුවත් කිරීම. ඒ වගේ අපි නව දේශීය ආදායම් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලබන අප්‍රේල් මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කරල තියෙනවා. ජනතාවට මේ පනත පිළිබඳ අධ්‍යනය කිරීමේ පහසුව වෙනුවෙන්.
ව්‍යාපාරික ඥානය අපේ ජානවල තියෙනවා. ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් ගෙනාපු අස්සයො පිටේ තමයි අපේ ඉස්සර රජවරුන්ගේ වාහන වුණේ. ඒ වගේ ම තමයි අපේ මුතු මැණික් ඊජිප්තුවේ ෆේරෝවරුන් පැළැඳි බවට සාධක තියෙනවා. ක්ලියෝපැට්රා වුණත් ශ්‍රී ලංකාවේ මැණික් ගලක් පැළදගෙන හිටිය කියල ආරංචි වුණොත් මම පුදුම වෙන්නෙ නෑ. ඒ නිසා අපේ ඩීඑන්ඒ වලම මේ ව්‍යාපාරික ඥානය තියෙනවා. ඒ හැකියාවන් අවදි කර ගන්නයි ඕනෙ. ඒ නිසා අපේ යම් යම් යල් පැන ගිය නීති රීති වෙනස් කළ යුතුයි. ඒ නිසා 1860 හදපු රේගු පනත, 1911 හදපු සුරා බදු පනත අපි වෙනස් කළ යුතුයි.

තවත් මාස කිහිපයකින් අපේ 70 වෙනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා. නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකේ ආවට ඇත්තට ම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මූණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය.” යනුවෙනි.

මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment