බැඳුම්කර වාර්තාවත් කියවන්න, ජනපති පොළොන්නරුවට ගිහින්.


නව වසර උදාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සම්පූර්ණයෙන් ම වෙන්කොට ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා බව ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි.

ජනාධිපතිවරයා එම වාර්තාවත් රැගෙන පොළොන්නරුවේ නිවසට ගොස් ඇති අතර නැවත කොළඹ පැමිණෙනු ඇත්තේ බොහෝ විට ජනවාරි 01 සවස හෝ 02 වනදා ය.

ජනාධිපතිවරයා විසින් මෙම වාර්තාව සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත.

වරදකරුවන්ට නීතිමය පියවර ගැණෙනු ඇත්තේ ඉන් අනුවය. බොහෝ දෙනා මේ මොහොතේ උනන්දුවෙන් කටයුතු කරන්නේ මේ වාර්තාවේ සටහන්ව ඇත්තේ මොනවාදැයි දැන ගැනීමටය. 

කේ.ටී. චිත්‍රසිරි විනිසුරුවරයා ද ඒ පිළිබඳ පැහැදිලි යමක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නැත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment