ජනාධිපතිට නොගහ ඩිලාන්, සුසිල් හා දයාසිරිට ගහන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට තීරණය කරයි !

ජනාධිපතිට නොගහ ඩිලාන්, සුසිල් හා දයාසිරිට ගහන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට තීරණය කරයි !
තවදුරටත් ජනාධිපතිවරයා විවේචනය නොකිරීමට තීරණය කළද අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,සුසිල් ප්‍රේම්ජයන්ත් හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට එකසත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. පසුගිය කාලය පුර ඔවුන් ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිට දැඩි ලෙස විවේචනය කිරීම ඊට හේතු වී තිබේ. මෙහිදී විශේෂයෙන් රාජ්‍ය අමාත්‍ය ඩිලාන්  පෙරේරා මහතා එජාපයේ ප්‍රමුඛතම ඉලක්කය බව සඳහන්. 
 
විශේෂයෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හා එජාප කණ්ඩායම දැඩි වාදයක පැටලී සිටිනු පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. එය එළඹෙන පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ වේදිකාවේදීද පෙනෙන්නට ඇති කාරණයකි.  
 
ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී ඇති වූ බහින්  බස් වීමක් නිසා ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකා ද විසිකර දමා නැගිට ගොස් ඇත්තේ තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකිද යන ප්‍රශ්නය මතුකරමිනි. කෙසේ වෙතත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා නැවත කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment