ඉරණවිලදී පාසල් දැරියක් පැහැරගැනීමට තැතක්

ඉරණවිලදී පාසල් දැරියක් පැහැරගැනීමට තැතක්

එම දැරියගේ පියා මියගොස් ඇති අතර මව විදේශ රැකියාවක් සඳහා ගොස් සිටීම හේතුවෙන් වයස අවුරුදු 11ක් වන එම පාසල් දැරිය සිය මිත්තනිය භාරයේ ජීවත්වන බවත් ඇය අඹකඳවිල ප‍්‍රදේශයේ රජයේ විදුහලක හය වන වසරේ අධ්‍යාපනය හදාරණ බවත් පොලිසිය සඳහන් කරයි.

අද පස්වරු පාසල නිමා වීමෙන් පසු බසයෙන් පැමිණ ඉරණවිල දි බසයෙන් බැස සිය නිවස වෙත යමින් සිටිය දි එක්තරා පුද්ගලයෙකු ඇයට කතා කර අල්ලා ගැනීමට තැත් කර ඇති නිසා බියට පත් දැරිය බියෙන් කෑගසමින් සිය නිවස වෙත දුව ගොස් සිය මිත්තනියට සිද්ධිය දන්වා ඇති බවත් පොලිසිය පැවසුවේය.

පසුව මිත්තිනිය අසල්වාසින්ට සිද්ධිය දන්වා වහාම පැමිණ දැරිය අල්ලා ගෙන යාමට තැත් කළ බව කී පුද්ගලයා අල්ලාගෙන තිබේ. පසුව සිද්ධිය දැන්විමෙන් පසු හලාවත පොලීසියේ නිලධාරින් පිරිසක් වහාම ඉරණවිලට ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා කවුදැයි හඳුනා ගෙන නොමැති නමුත් පෙරවාරි මස පාසල් දරුවෙකූ ඝාතනය කිරිමෙන් පසු විමසිලිමත්ව සිටි නිසා මෙම සැකකරුවද අල්ලා පොලිසියට භාර දි ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

ඔගස්ටින් ප‍්‍රනාන්දු - හලාවත

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment