රංජිත් මද්දුම බණ්ඩාර ෆොන්සේකාගෙන් සමාව අයදියි

රංජිත් මද්දුම බණ්ඩාර ෆොන්සේකාගෙන් සමාව අයදියි

 

ඒ මොහොතේ ඔහුට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා " ඔබතුමා අමාත්‍යාංශයේ වැඩ ටික හරියට කරගෙන යන්න. ඕනෙම සහයෝගයක් මමත් දෙන්නම්" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

සරත් ෆොන්සේකා මහතාට ඊළඟ ඇමතුම ලැබී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙනි. " මම මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ, මේක ජනාධිපතිතුමා එයාගෙ හිතුමතේට කරපු පත් වීමක්" යැයි කියමින් අග්‍රාමාත්‍යවරයා ඇඟ බේරාගෙන ඇත.

කෙසේවෙතත් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය ලබා දීමට සියලුම සම්බන්ධීකරණ කටයුතු කර ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් මියුරු භාෂිත ලියනගේ ය. රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා මියුරු භාෂිතගේ සමීප මිතුරෙකි. මියුරු භාෂිත හරහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ කටයුතු තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වී ඇත.

ෆොන්සේකාගෙන් මාධ්‍ය හමුවක්

මෙම අමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇති වූ තත්වය පැහැදිලි කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතා විසින් විශේෂ මාධ්‍ය හමුවක් ලබන 14 වනදා පැවැත්වීමට නියමිතව ඇත. තමන්ට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වුවත් එදිනට තමන් වෙත එල්ල වන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සරත් ෆොන්සේකා මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

ෆොන්සේකා එනවාට ගෝටාබයත් කැමැත්ත පළ කරලා

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලබා දීම සුදුසු බව හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ පවා ප්‍රකාශ කර තිබේ. "මම ෆොන්සේකාව හමුදාපති හැටියට පත් කළේ ශාන්ත කෝට්ටගොඩට තවත් අවුරුදු එක හමාරක් කාලය තියෙද්දී. මාව හිරේ දැම්මත් කියන්න තියෙන දේ කියන්න ඕනෙ. සරත් ෆොන්සේකා කියන්නේ නියම වැඩ කාරයෙක්" යනුවෙන් ප්‍රකාශ කර ඇති ගෝටාබය රාජපක්ෂ දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බව ද ප්‍රකාශ කර ඇත.

එසේම 1983 කලබල වලින් පසු රටට නැවතත් අඳුරු කලු පැල්ලමක් ඇති වීමට යන මේ මොහොතේ කවර ක්‍රමයකින් හෝ රට ඉන් බේරාගත යුතු බවත් ගෝටාබය රාජපක්ෂ එහිදී අවධාරණය කර ඇත.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment