පාසල් අධ්‍යාපනය ආගම් හා ජාතීන් අනුව වෙන් කිරීම වහාම ඉවත් කළ යුතුය - ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානය

පාසල් අධ්‍යාපනය ආගම් හා ජාතීන් අනුව වෙන් කිරීම වහාම ඉවත් කළ යුතුය - ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානය

තවද මෙම තත්ත්වය මැඩපැවැත්වීමට වගකිව යුතු රජයක් අපොහොසත් වීම පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානය ලෙස අපි ඉල්ලා සිටින්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ විවිධ ආගම් හා ජාතීන් වශයෙන් බෙදා ක්‍රියාත්මක වන පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය ක්‍රමානුකුලව ඉවත් විය යුතු ලෙසය. එසේ කුඩා කල සිට ළමුන් ආගම් හා ජාතීන් වශයෙන් වෙන් කිරීමෙන් සමාජ සහජීවනයට විශාල හානියක් සිදුවේ යයි අපගේ විශ්වාසයයි.

තවද අන්තවාදී ආගමික ආ ජාතිවාදී ඉගෙන්වීම් සහ දේශන නැවැත්වීමට වහාම රජය ක්‍රියාත්මක විය යුතුවේ. ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානය ලෙස අප විශ්වාස කරන්නේ රටක සාමය සහ සහජීවනය ස්ථාපිත කළ හැක්කේ ලෞකික සහ මානව හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින්ම පමණයි යන වගයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment