අද (07) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා එම පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැක රටේ මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබදව කරුණු පැහැදිලි කළහ. එහිදී මහා නායක හිමියන් හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අතර දිගු වේලාවක් සාකච්ඡාව පැවැත්වුණි.
මෙවැනි සිද්ධි මෙරට ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් එල්ල කරන බවත් ජාතික සමගිය ආරක්ෂා කර ගැනීම සමස්ථ ජනතාවගේ හා බලධාරීන්ගේ වගකීමක් යැයි උන්වහන්සේ එහිදී පැවසූහ.
මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක උන්වහන්සේ සමග ද අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කළහ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීහ.
"තිස්වසරක යුද්ධයෙන් බැටකෑ ජනතාව අද කිසිසේත්ම අරගලවලට කැමති නැහැ. නමුත් යම් දේශපාලනික අවශ්‍යතාවක් මත තමයි, ජාතිවාදය උත්සන්න වෙමින් පවතින්නේ. වර්ධනය වෙමින් පවතින ජාතිවාදය ඉතා ඉක්මණින් පරාජය කළ යුතුයි.
බලයේ සිටින කණ්ඩායම් බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ද බලය අහිමිවූ පරාජිත කණ්ඩායම් බලය ලබා ගැනීම වෙනුවෙන් මේ ජාතිවාදී ක්‍රියාවන් කරනවා. නමුත් ජතිවාදය මේ සමස්ථ ඉතිහාසය තුළදී ජනතාවට ලබා දුන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නැහැ.
ඒ නිසා ජාතිවාදී, වර්ගවාදී ගැටුම් සදහා කිසිදු උත්තේජනයක් ලබා නොදී සියලු ජනතාව සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වීමට කටයුතු කළ යුතුයි. සිංහළ ජනතාවට මෙන්ම දමිළ ජනතාවට ද අද කොටියා එපාවෙලා. නමුත් කොටියා අහිමිවීම නිසා තැවුලට පත් ඇතැම් දේශපාලන නායකයන් අප වැනි පක්ෂවලට චෝදනා කරනවා හැර වෙනත් කාර්යයක් කරන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ගයාන් ජානක හේරත් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment