කටුගස්තොට, පූජාපිටිය, සෙනරත්ගම, අඹතැන්න, උල්ලදුපිටිය, මැණික්හින්න ඇතුලු ප්රදේශ කිහිපයක පහර දීම්, දේපොලට හානි කිරීම් ආදිය සිදුව ඇත.
මහනුවර පරිපාලන පොලිස් කොට්ඨාශයට බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති නමුත් ඇතමුන් කලහකාරී ලෙස හැසිරීම නිසා ඔවුන් පාලනය කිරීම යුද හමුදාව, පොලීසිය හා විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන ලදි. නාවුක හමුදා නිලධාරීන් ද ස්ථාන රැසක ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබුණි.
මැණික්හින්න ප්රදේශයේ කලහකාරීන් පාලනය කිරීම සදහා කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත්දා (06) රාත්රී තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සදහා මහනුවර මහ රෝහලට ඇතුලත් කොට තිබේ. කලහකාරී ලෙස හැසිරිම නිසා ගොඩනැගිලි හතළිහකට ආසන්න ප්රමාණයකට හානි සිදුව ඇත.
මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද සිද්ධිය වූ ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්විය.
නුවර නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment