රටවල් කිහිපයකින් සංචාරකයන්ට අනතුරු ඇඟවීම්

රටවල් කිහිපයකින් සංචාරකයන්ට අනතුරු ඇඟවීම්

ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඉදිරියේදී තත්වය තවත් දරුණු වියහැකි බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතු බව එම රටවල් දන්වා සිටී.

ඉදිරි දිනවලදී තත්වය උත්සන්න වියහැකි බැවින් නිරන්තයෙන් ඒ ගැන විමසිල්ලෙන් සිටින ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට රැඳී සිටින ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටී. නිරන්තරයෙන් දේශීය මාධ්‍ය පරිශීලනය කරන ලෙසයි ඇමරිකාව සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ වනවිට රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් විරෝධතා හෝ උද්ඝෝෂණ සඳහා කිසිසේත් සම්බන්ධ නොවන ලෙසත් මහා බ්‍රිතාන්‍යය මෙරට රැඳී සිටින තම රටේ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී. මේ අතර ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ නිරන්තරයෙන් පුද්ගලයන් ගැවසී සිටින ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසයි. ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඕස්ට්‍රේලියානු රජය මෙරට රැඳී සිටින එරට සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් සහ මේ දිනවල මහනුවර ආශ්‍රිතව සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් විදෙස් රටවල් නිරන්තර අවධානයෙන් පසුවන අතර තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් එය මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

UN

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment