දේශප්‍රේමය ගැන කතා කරන ඇතැම් කණ්ඩායම් තමයි ගැටුම් නිර්මාණය කරන්නේ - කබීර් හෂීම්

දේශප්‍රේමය ගැන කතා කරන ඇතැම් කණ්ඩායම් තමයි ගැටුම් නිර්මාණය කරන්නේ - කබීර් හෂීම්
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. දිගන ප්‍රදේශයේ සිදු වූ එම අවාසනාවන්ත සිද්ධිය සියලුම දෙනා ප්‍රතික්ෂේප කරමින් පැවති මොහොතක එය දේශපාලන වුවමනා වෙනුවෙන් භාවිතා කර ඇතිකළ තත්ත්වය පිළිගත නොහැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.  එය සියලුම මුස්ලිම්වරු පවා ප්‍රතික්ෂේප කර පැවතියත් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කලහකාරී ලෙස හැසිරී ඇති බව කබීර් හෂීම් මහතා පැවසීය.
 
එම සිද්ධිය නිරාකරණය කර ගැනීමට ප්‍රදේශයේ  ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියලුම ආගමික ප්‍රජාවන් කටයුතු කර තිබූ මොහොතක එය කඩාකප්පල් කරමින් එම ප්‍රදේශයට පිටින් පැමිණි කණ්ඩායම් විසින් ජාතීන්  අතර ගැටුමක් නිර්මාණය කිරීමෙන් ඒ පිටුපස ඇති බලවේගය පැහැදිලි කර ගත හැකි බව හෙතෙම කියා සිටියේය. කිසිදිනෙක මුස්ලිම්වරු මේ රටේ ස්වෛරීත්වය,ඒකීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොකළ අතර ජාත්‍යන්තරයේදී පවා රට වෙනුවෙන් පෙනී සිටි බව අමාත්‍යවරයා සිහිපත් කර දුන්නේය. 
 
කෙසේ වෙතත් දේශප්‍රේමිත්වය පිළිබඳ කතා කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment