සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය සහ ආරක්ෂක අංශ වහාම පියවර ගතයුතු බව ඔවුන් පෙන්වා දෙයි.
යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් වේ.
අම්පාර ප්‍රදේශයේ සිදු වූ සිදුවීම් මෙන්ම මේ වනවිට මහනුවර ආශ්‍රිතව ඇවිලෙස ජාතිවාදී ගැටුම් ද ඉතා කණගාටුදායක බවත් රජය එම තත්වය සමනය කිරීම සඳහා වහාම නිසි පියවර ගතයුතු බවත් ඔවුන් පෙන්වා දෙයි. එහිදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූළව සහ සියලු ජාතීන්ගේ සියලු ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය ගන්නා ඕනෑම පියවරක් තමන් අනුමත කරන බවත් ඒ සම්බන්ධයෙන් රජය සමග පෙනී සිටින බවත් එම තානාපතිවරුන් පෙන්වා දෙයි.
මේ අතර ඊයේ (07) ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසිවාරය අමතමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ද ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබේ. මෙරට සුළු ජනකොටස් වෙත ප්රචණ්ඩත්වය දියත් වෙමින් පවතින බවත් ඒවා සමනය කිරීම සඳහා රජය අසමත් වී ඇති බවත් ඔහු අවධාරණ කරයි. පසුගිය කාලයේදී සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කළේ නම් හා සංහිඳියාව ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගත්තේ නම් මෙවැනි ජාතිවාදී ගැටුම් වළක්වා ගැනීමේ හැකියාව තිබූ බව ද ඔහු පවසයි.
පසුගිය රජය සමයේ ස්ථාපිත කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කළයුතු බවට ජගත් මානව හිමිකම් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන දිගින් දිගටම බලපෑම් සිදුකළ අතර මෙරට රජය ද ඒ සඳහා ජාත්‍යන්තරයට පොරොන්දු විය. කෙසේ වෙතත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කෙරිණි. එපමණක් නොව ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම වචනවලට පමණක් සීමා විය.
2015 බල හුවමාරුවෙන් පසු නව රජය ජාතීන් අතර සංහිඳියාව ඇති කරනු ඇති බවට ජාත්‍යන්තර තුළ දැඩි විශ්වාසයක් ඇති විය. කෙසේ වෙතත් එම විශ්වාසය දිනෙන් දින බිඳවැටුණු අතර පසුගියදා අම්පාර ප්‍රදේශයේ ඇති වූ සහ මේ වනවිට මහනුවර ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් හේතුවෙන් එම විශ්වාසය තවදුරටත් පළුදු වනු ඇත.
දිගින් දිගටම මානව හිමිකම් සුරැකීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම, වගවීමේ ක්‍රියාවලිය වචනවලට පමණක් සීමා වුවහොත් රටට එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇත. එසේ වුවහොත් ජාත්‍යන්තර වෙතින් දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් ද මතුව පවතී.
UN
0 comments :
Post a Comment