අද්විතීය මිනිසා - ස්ටීවන් හෝකින් අද සමුගෙන යයි.

අද්විතීය මිනිසා - ස්ටීවන් හෝකින් අද සමුගෙන යයි.

එම අවමංගල්‍ය දේව මෙහෙය පැවැත්වෙන්නේ, ඔහු සිය අසීරු දිවියේ වසර 52 ක් කැප කළ කේම්බ්‍රිජ් සරසවියට යාබද දේවස්ථානයේදී ය.

 වයස අවුරුදු විසි ගණන්වලදී මෝටා නියුරෝන හෙවත් චාලක නියුරෝන රෝගයට ගොදුරු වූ, වසර 3කට වඩා ජීවත් වන්නට වරම් නැතැයි කියූ වෛද්‍ය බස බොරු කරමින් මහාචාර්ය ස්ටීවන් හෝකින් වසර 76 ක් ජීවත් වුණේය. අවසානයේ මාර්තු 14 වැනිදා නින්දේදීම, සාමකාමීව සමුගෙන ගියේ ද කේම්බ්‍රිජ් නුවර සිය නිවසේදී ය.

ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසී, රොබට් සහ ටිම් මෙසේ කියා තිබේ. “අපේ පියා වසර 50කට අධික කාලයක් කේම්බ්‍රිජ්වල ජීවත් වුණා. වැඩ කළා. කේම්බ්‍රිජ් සරසවිය සහ කේම්බ්‍රිජ් නුවර සමග ඔහුගේ ජීවිතය වෙන් කළ නොහැකි පරිදි බැඳී තිබෙනවා. මේ නිසා ඔහුට අවසන් ගෞරව දැක්විය යුත්තේත් කේම්බ්‍රිජ් නුවරදීම බව අපි කල්පනා කළා.”

ජූනි 15 වැනිදා ස්ටීවන් හෝකින්ගේ භෂ්මාවශේෂයන් තැන්පත් කරන්නට නියමිත ව තිබෙන්නේ කීර්තිමත් වෙස්මිනිස්ටර් අබේ සුසානයේ, මහා විද්‍යාඥ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ සුසානයට යාබදව ය.

ලෝකයේ බරපතළම භෞතික විද්‍යාඥයෙක් සහ විශ්වය පිළිබඳ වඩාත්ම දැනසිටි මිනිසා වූ ඔහු, වාමාංශික අදහස් හාස්‍ය රසය සමග මුසු කරන්නට ද ප්‍රිය කළ චරිතයක් ලෙස සමීපතමයන් අතර ප්‍රකට ය. වරක් ඔහු සිය දේශනයකදී සිසුන් සමග පවසා ඇත්තේ එංගලන්තයේ රාජකීය නාවික හමුදා ධජයට කොමියුනිස්ට් දෑකැත්ත සහ මිටිය එක් කළ යුතු බව ය!

- අමාලි ජයවීර

කියවන්න:

කළු කුහරයේ සිට ආලෝකය විහිදවූ මිනිසා - ස්ටීවන් හෝකින් නික්ම යයි

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment