Tiangong-1 හෙවත් දිව්‍ය මාළිගාව පෘථිවියට කඩාවැටේ

Tiangong-1 හෙවත් දිව්‍ය මාළිගාව පෘථිවියට කඩාවැටේ

චීනය සතුව පැවති විශාලතම මෙන්ම අග්‍රගණ්‍ය අභ්‍යවකාශ ව්‍යාපෘතිවලින් එකක් ලෙස මෙය සැළකෙන අතර එය දිව්‍ය මාළිගාව "Heavenly Palace" ලෙසද හඳුන්වා ඇත.

ඒ අනුව මීටර් 10ක් දිග ටොන් 8කට වඩා බර මෙම අභ්‍යවකාශාගාරය පෘථිවියේ සිට අභ්‍යවකාශය වෙත ගොස් නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුළවන බොහෝ නිර්මාමාණයන්ට වඩා විශාලය.

මෙම කඩා වැටීම නිසා දැඩි අවදානමකට පෘථිවියේ සමහර ප්‍රදේශ නියමිතව තිබුණද මේ වන විට අනාවරණය වී ඇත්තේ කොටස් මුහුදට වැටෙනු ඇති බව පෙනී යන බැවින් එම අවදානම අවම වනු ඇති බවයි. ඒ අනුව ඉතා කුඩා කැබලි වලට කැඩී යන මෙම අභ්‍යවකාශාගාර කැබලි වලින් ට්‍රිලියනයකින් එකක සංඛ්‍යාවක් පොළෙවට පතිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 තව දුරටත් භාවිත කළ නොහැකි ලෙස අක්‍රීය වී පවතින මෙම අභ්‍යවකාශාගාරය නැවත පොළවට ඇතුළු වීමේදී ඇති වන විශාල උණුසුම හේතුවෙන් එහි වැඩි කොටස් ප්‍රමාණයක් දැවී විනාශ වනු ඇත.

ශක්තිමත් භාවයෙන් හා සහ විශාලත්වයෙන් වැඩි අභ්‍යවකාශාගාරයක් වන ටියැන්ගොන්ග් පාලනය කර ගත නොහැකි වීමෙන් දැඩි පීඩනයක් ඇති කළ අභ්‍යවකාශාගාරයක් බව එංගලන්තයේ අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධාන ඉංජිනේරු රිචර්ඩ් ක්‍රොතර් පවසයි.

2011 වසරේදී අභ්‍යවකාශ ගත කරන ලද මෙම අභ්‍යවකාශාගාරය වෙත චීන ගගනගාමීන් 6 දෙනෙක් ගොස් ඇත. මෙ යම් දිනක නැවත පෘථිවිය වෙත ළඟා වීම සැළසුම් සහගතව සිදු කරන්නට නියමිතව තිබු‍ණද 2016 වසරේදී හදිසියේම ඇතිවූ පාලනය කර ගත නොහැකි තත්ත්වය හේතුවෙන් මේ වන විට එය පෘථිවියට කඩා වැටීම කිසිදු ලෙසකින් නවතන්නට හෝ වෙනස් කරන්නට නොහැකි තත්ත්වයක පවතී.

ලෝකයේ අනෙකුත් අභ්‍යවකාශාගාර මෙහෙයවන සමාගම් මෙම සිදුවීමත් සමග සිය අභ්‍යවකාශ වැඩිදියුණු කළ හැක්කේ කෙසේදැයි යන්න තීරණය කරනු ඇත. මෙම අභ්‍යවකාශාගාරයට අයත් කොටස් සමකයට ආසන්නයේ අංශක 48 ක් දක්වා දුරින් උතුරු හා දකුණු ප්‍රදේශ වෙත කඩා වැටෙනු ඇතැයි අනුමාන කෙරේ. එනම් මධ්‍යධරණී කලාපය සහ තස්මේනියාවේ දකුණු දිග ප්‍රදේශයටයි.

මෙම අභ්‍යවකාශාගාරය සාදා ඇති අමුද්‍රව්‍ය වන වානේ, ටයිටේනියම් ආදිය නිසා දැඩි උණුසුමක් යටතේ වුව විනාශ නොහැකි කොටස් පමණක් ඒ් අනුව පෘථිවියට පතිත වනු ඇත.

හංසනී සම්පත් | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment