පැරදුනත් ලක්ෂ 9000ක ලාභයක් - තිලංග, මුරලිටත් දෙහි කපයි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති නිදහස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලක්ෂ 9000ක ශුද්ධ ලාභයක් ඉපැයූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතු නව වසර වෙනුවෙන් ආරම්භ කිරීමට මත්තෙන් ක්‍රිකට් ආයතනයේ සේවකයන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ලංකාවේ අන්තිමට ගහපු තරගාවලිය (නිදහස් කුසලානය) මැච් හතරක් ගැහුවා (ශ්‍රී ලංකාව) තුනක් පරාදයි. මිනිස්සු බැන්නේ නෑනේ. හොඳ ක්‍රිකට් ගැහුවේ. තරගකාරීත්වය තිබුණා. රටේ මිනිසුන්ට අවබෝධයක් තිබෙනවා. මොකක්ද ක්‍රිකට් කියන්නේ දිනනවා පරදිනවා. ලෝකේ කිසිම ක්‍රිකට් පාලක මණ්ඩලයක් පළමුවැනි ස්ථානයේ හැමදාම ඉඳලා නෑ.

ඒ වගේම සල්ලි තිබුණ හැම රටක්ම පළමු ස්ථානයේ ඉන්නෙත් නෑ. සල්ලි තියෙන රටකින් ඇවිත් ක්‍රිකට් පටන්ගත්තා කියලා ලෝකයේ පළමු වැනි ස්ථානයට යන්නෙත් නෑ.

නිදහස් කුසලානයක් තිබුණේ නෑ. අපි නිදහස් කුසලානයක් හැදුවා. අපට ඉලක්කයක් තිබුණා. බිලියන 1.3ක ආදායමක් උපයන්න. ලංකාවේ ඉතිහාසයේ එච්චර ලොකු ආදායමක් ලබාගෙන තිබුණෙ නෑ.

අපි ඒ තරගාවලියේ ටී.වී. හිමිකම් විකුණා තිබුණේ පන්දුවාරයක් ගත්තොත් ඩොලර් 4000කට. අපි නිදහස් කුසලානයෙන් එක් පන්දුවාරයකින් හෙව්වා ඩොලර් 27000ක්. නිදහස් කුසලානයෙන් පමණක් ලක්ෂ 9000ක පමණ ශුද්ධ ලාභයක් හෙව්වා. ඉතිහාසයේ කවදාවත් අපි එච්චර ලස්සන තරගාවලියක් දැකලා තිබුණේ නෑ."

මුරලිට අතීතය අමතක වෙලා

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩකයෙක් වන මුත්තයියා මුරලිදරන්ට අතීතය අමතක වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය. ඔහුට වැරදි පුද්ගලයන්ගේ උපදෙස් ලැබී ඇති බවත් මුරලිව අවස්ථා කිහිපයකදීම ආරක්ෂා කළ බත් සභාපතිවරයා සඳහන් කරයි.

ක්‍රිකට් ආයතනයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලකයන් විසින් විනාශ කරන බව සඳහන් කරමින් මුරලි පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දැඩි ලෙව විවේචනය කළේය.


ඒ පිළිබඳව අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා ඉහත අදහස් දැක්වූ අතර උප සභාපති මොහාන්ද සිල්වා මහතාද තිලංග සුමතිපාල මහතාගේ ප්‍රකාශය අනුමත කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget