රනිල් දිනා අවසන්? : එජාපය ජය සමරන්නේ මෙහෙමයි.

අද (04) රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය කළ පසු වික්‍රමසිංහ මහතා රාත්‍රී 10.00ට ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ ආගමික පූජාවක් සඳහා සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව අදාළ ප්‍රතිඵල ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වීමෙන් පසුව මුළු රටේම රතිඥ්ඥා දල්වා සැණකෙළි පැවැත්වීමට එජාපයේ සියලුම ආසන සංවිධායකවරුන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

කොළඹ අදාළ ප්‍රීති උත්සව පැවැත්වීම කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට පවරා ඇතැයිද පැවසේ.

මෙව්න විට තත්ත්වය…

මේවන විට ජනාධිපතිවරයා ස්වාධීන වීමත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 13 දෙනෙකුගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබීමත්, මුස්ලිම් පක්ෂ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ සහය හිමිවීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට කටයුතු කරමින් සිටීමත් හේතුවෙන් අගමැතිවරයාට සිය විශ්වාසභංගය පහසුවෙන් ජයගැනීමට හැකිවනු ඇති බව මේවන විට දේශපාලන විචාරක මතය වී තිබේ.

මංගල ජය සමරන්න යන්නෙ මෙහෙමයි !

ප්‍රතිඵල නිකුත්වූ වාහාම රාජ්‍ය මාධ්‍යට භාවිත කළ යුතු ගීත, හා තේමාවන් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා උපදෙස් ලබාදී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩු ජයග්‍රහණයක් ලෙස මෙය සමරා කටයුතු කිරීමට අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය  ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment