පොළොන්නරුවේ පමණක් වසරකට වකුගඩු රෝගීන් 1600ක් හඳුනා ගැනේ!

පොළොන්නරුවේ පමණක් වසරකට වකුගඩු රෝගීන් 1600ක් හඳුනා ගැනේ!

වෛද්‍ය මෙත්තසූරිය මහතා සඳහන් කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වසරකට අලුතින් වකුගඩු රෝගීන් 1600ක් පමණ හඳුනාගන්නා බවයි.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ වකුගඩු රෝග ව්‍යාප්තිය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා මෙසේ පැවසීය.

"පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට වකුගඩු රෝගීන් 1600ක් විතර අලුතෙන් වසරකට එකතු වෙනවා. මාසයකට අලුතෙන් 100ත් 150ත් අතර රෝගීන් පිරිසක් හඳුනාගන්නා බව අපේ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මෙහි වැඩිවීම පෙනෙන්නේ නැත්තේ ඒ වගේම ප්‍රමාණයක් මියයන නිසා. වකුගඩු රෝගීන් 100ක් විතර මාසෙකට මියයනවා. වකුගඩු රෝගය පාලනය කරන්න නම් පිරිසිදු පානීය වතුර ටික ජනතාවට දෙන්න ඕන. ඒ වගේම වස විෂ කන එක නවත්වන්න ඕන. පුළුවන් තරම් වගාවන්වලට වස විෂ යෙදීම අඩු කරන්න ඕන. එහෙම වුනොත් විතරයි තවත් අවුරුදු 10 ක් 15 ක් ඇතුළත මේ වකුගඩු රෝගය පාලනය වෙන්නේ. අපේ රටේ මොනතරම් වස විෂ භාවිත කරනවාද කීවොත් 2014 දී අපේ රටේ සහල් අතිරික්තයක් ආවා මතක ඇති. ඒ අතිරික්ත සහල් තොග විදෙස් රටවලට අපනයනය කරන්න කටයුතු කළත් විදෙස් රටවල් ඒ සහල් තොගය මිලට ගත්තෙ නෑ. වස විෂ වැඩියි කියලා. අන්තිමට ඒවා බීර හදන්න, කුකුළු කෑමවලට දෙන්න සිද්ධ වුණා. එහෙම තිබෙද්දී වස විෂ අඩු කරනවා හැර තහනම් කරපු වස විෂත් යළි භාවිතයට ඉඩ දීම වකුගඩු රෝග පාලනයට හේතුවක් වෙන්නේ නෑ."

ප්‍රියන්ත බණ්ඩාර පොළොන්නරුව

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment