ගෑස් නිසා : තේ කෝප්පෙයි බත් පැකට් එකෙයි මිල පහළට.



ගෑස් මිල පහළ යාමට සාපේක්ෂව තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ සිය සංගමය රැස්වී තේ එකක මිල රුපියල් 5 කින් හෝ කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු කිරිමට පියවර ගන්නා බවය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ මීට පෙර ගෑස් මිල ඉහළ දැමු අවස්ථාවේ කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි නොකළ බැවින් මෙවර ගෑස් මිල පහළ දැමු අවස්ථාවේ නිෂ්පාදනවල මිල පහළ දැමීමක් සිදු නොවන බවය.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරි අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා පැවසුවේ ගෑස් මිල පහළ දමා තිබියදී පෙර මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 138 කින් පහළ දැමුවේය.

ඒ, අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 කි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment