නාවින්න ක්‍රීඩාංගණයේ කෝටි 11ක ව්‍යාපෘතිය අතරමඟ.


මහරගම නගර සභාවට අයත් නාවින්න මහජන ක්‍රීඩාංගණය සඳහා රුපියල් කෝටි 11ක වියදමින් ඉදිකෙරෙන පිහිනුම් තටාකය  හා මීටර් 400ක ධාවන පථයේ වැඩ කටයුතු මේ වන විට අතරමඟ නතර කර දමා ඇතැයි වාර්තා වේ.

ඉකුත් 2012 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලයේ දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව හිටපු නගර සභාපති කාන්ති කොඩිකාර මහත්මියගේ ඉල්ලීමකට අනුව මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරිණ.

බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ මුදලින් එවක පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන්කර තිබිණ. ආණ්ඩු වෙනසත් සමගම, එහි ඉදි කිරීම් ද අතරමග අත්හිටුවා ඇතැයි නගරවාසීහු චෝදනා කරති.

මේ වන විට අදාළ ක්‍රීඩාංගණයේ ආරක්ෂක වැට කඩා දමා අනාරක්ෂිතව කැලයට යටවෙමින් පවතින බව ද රාත්‍රී කාලයට එම ක්‍රීඩාංගණයෙහි විෂමාචාර සිදුවන බවට ද නගරවාසීහු චෝදනා කරති.

මේ පිළිබඳව කල විමසුමකදී මහරගම නගර සභාවේ ලේකම් විනීතා ඈපා මහත්මිය කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ කටයුතු පහුගිය කාලයේ නතර කර දමා තිබී යලිත් ආරම්භ කර ඇති බවය. පළාත් ක්‍රීඩා අමාත්‍යංශය අදාළ ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ඈපා මහත්මිය වැඩිදුරටත් අදහස් දැක්වූවාය. 

(අද)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment