මහින්දගේ ගිණුම් ගැන විමර්ශන වාර්තා යටගහලා.



මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් උපයාගෙන ඇතැයි කියන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ විමර්ශන ඒකකය (SIU ) විසින් සිදුකල විමර්ශනයන්ට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු නීතිමය කටයුතු ආරම්භවී නැතැයි පොලිසිය පවසයි.

'නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්වට පදනම් වී ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එබව පැවසිය.

මෙවැනි චෝදනාවක් සම්බන්ධයෙන් පළමුව පැමිණිල්ලක් ලැබී ඇත්තේ මහ බැංකුව වෙතය. අනතුරුව එහි ක්‍රියාත්මක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති අතර අනතුරුව ඊට අදාල කටයුතු SIU අංශයට පවරා ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්වේ සඳහන් හිමිනම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID ) විසිනි. එහිදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇත.

ඊට අදාල විමර්ශන වාර්තා ද මිට වසරකට පෙරදී නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.

හිටපු ජනධිපතිවරයාගේ හා ඔවුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයන් හි දිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment