සනීපාරක්ෂක තුවා වෙනුවෙන් වූ ඉන්දියාවේ නව බද්ද හකුලා ගනී.
ඉන්දියාව තුළ සනීපාරක්ෂක තුවා නිෂ්පාදන වෙනුවෙන් පනවා තිබූ 12%ක බද්ද ජනතා විරෝධය හමුවේ ඉවත් කරගෙන තිබේ.
එරට සියලු පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් මීට වසරකට පෙර හඳුන්වා දුන් 12%ක නව ජී.එස්.ටී. බද්දට සනීපාරක්ෂක තුවාද ඇතුළත් කර තිබුණු අතර, මීට එරට තුළ විශේෂයෙන් කාන්තා සංවිධාන විශාල විරෝධතා ව්‍යාපාරයක් ගෙනයනු ලැබිණි.
ඉන්දියාවේ කාන්තාවන් හා තරුණියන්ගෙන් පස් දෙනෙකුගෙන් සිව්දෙනෙකුටම සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ වත්කමක් නොමැති වටපිටාවක මෙවැනි නව බද්දක් ඒ සඳහා ඇතුළත් කිරීම කාන්තාවන් තවදුරටත් අපහසුතාවට පත්කරන්නක් බවට රජයට චෝදනා නැගුණි.
ඒ අනුව, මේ ආකාරයෙන් මෙම බද්ද ඉවත් කිරීමට ඉන්දීය රජය ක්‍රියාකිරීම බොහෝදෙනාගේ පැසසුමට ලක්ව ඇති බව කියැවෙයි.
විශේෂයෙන්ම ඉන්දියාවේ ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය අතපසුවන අවස්ථාවක් ලෙසද මෙය සැලකෙන අතර, බොහෝ දෙනෙකුට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ හැකියාවක් නොමැති වීමෙන් ඔවුන් සිය අධ්‍යාපනය අතරමග නවතා දමන බවද කියැවෙයි.
0 comments :
Post a Comment