රිෂාඩ් බදියුදීන් මැලේසියාවේදී සම්මානයක්!



ඡායාරෑපය- ඡායාරෑපයේ දැක්වෙන්නේ මැලේසියාවේ ක්වාලම්පූර් නුවර පැවති 2018 ගෝලීය නායකත්ව සම්මාන Global Leadership Award 2018 උළෙලේදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට වෙළෙද සංවර්ධනය පිලිබද 2018 ගෝලීය නායකත්ව සම්මානය පිරිනැමූ ආකාරයයි.

2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙල ( Global Leadership Award 2018) පසුගිය ජූලි 25 වැනිදා මැලේසියාවේ, ක්වාලාලම්පූර් නුවරදි අතිඋත්කර්ශවත් අනුදමින් පැවැතුවුණි. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට වෙළෙදාම සංවර්ධනය පිළිබද ගෝලීය නායකත්ව 2018 සම්මානය පිරිනමනු ලැබීය.


ලොව පිළිගත් සුප්‍රකට සම්මාන උළෙලක් වන මෙම ගෝලීය නායකත්ව සම්මාන 2018 උළෙල මෙවර පැවැත්වුණේ 8 වැනි වරටය. මෙම සම්මාන උළෙල සදහා ලෝකය පුරාම විහිදී පැතිරි සිටින සභාපතිවරැන්, ප්‍රධාන විධායක නිළධාරීන්, ප්‍රධාන මූල්‍ය නිළධාරීන්, දේශපාලන හා ප්‍රජා නායකයින්, කීඩා නායකයින් මෙන්ම විවිධ සංවිධාන වල ප්‍රධාන පෙලේ නායකයින් දහස් ගණනක් සේවා අංශ 30 ක් යටතේ, නාමයෝජනා නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. එයින් වෙළෙද සංවර්ධන ක්ෂේත්‍රය යටතේ පිරිනමනු ලබන ගෝලීය නායකත්ව 2018 සම්මානය සදහා නිර්දේශ වුයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාය.

මෙම සම්මාන උළෙලේ නායකත්ව විනිශ්චය මංඩලයේ ගුරු ලෙස සැළකෙන ආතර් එෆ්. කාමස්සී මහතා Arthur F. Carmazzi අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට සම්මානය පිරිනැමීම ආශ්‍රිතව මෙසේ සදහන් කළේය.

අපගේ ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය විසින් සිදුකරන ලද අපක්ෂපාතී ඇගයීම් මගින්, අප තේරැම් ගත්තා අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා තම අමාත්‍ය තනතුර තුළින් ශ්‍රි ලංකාවේ වෙළෙද, වාණිජ සංවර්ධනය උදෙසා තම ආයතන පද්ධතිය තුළ නිසි නායකත්වය හා මාර්ගෝපදේශන ලබා දෙමින්, ඒ ඒ ක්ෂේත්‍ර සදහා සුදුසුම නායකයින් තෝරා ගෙන එම ආයතන සංවර්ධනය සදහා කර තිබෙන මෙහෙවර ගැන. එහි ප්‍රබලතාව තුළ ආයතන පද්ධතිය සංවර්ධනය විමත්, එමගින් ආර්ථික සංවර්ධනය ඇතිවී රටේ ජාතික සංවර්ධනය ගොඩ නැංවී ඇති බව. ඒ වගේම පුද්ගල සංවර්ධනය තුළින් නිසි නායකත්වය ලබාදි තිබෙන බව අප නිරීක්ෂණය කළා. යැයි පැවසීය.

මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ගෝලීය නායකයින් ලොවට හදුන්වාදීම සදහාය. එය සංවිධානය කරනු ලබන්නේ The Leaders International ඉහළපෙලේ ජාත්‍යන්තර නායකත්ව සගරාව, සහ ඇමරිකානු නායකත්ව සංවර්ධන සංගමය American Leadership Development Association (ALDA) ඇතුඑ ඇමරිකානු නායකත්වය පිළිබද රාජ්‍ය නොවන සංවිධාන ජාලය මගිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment