එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වෙතින් අඩුම පොලියට නිවාස ණය යෝජනා ක්‍රම දෙකක්.
දැනට වෙළඳපොෙළ් පවතින අඩුම පොලී අනුපාත යටතේ නිවාස ඉදිකර ගැනීමට බැංකු ණය ලබාදීමේ යෝජනා ක්‍රම දෙකක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් හඳුන්වාදී ඇතැයි මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ප්‍රකාශ කරයි.
අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස සිහිනය සැබෑ කරගැනීමට රුපියල් ලක්ෂ දෙකක උපරිමයකට යටත්ව ලබාදෙන ණය මුදල සඳහා අයකැරෙනුයේ සියයට 6.75ක් තරම් අඩු පොලියකි. මෙවැනි ණය වැඩසටහන් සඳහා මේ වනවිට වෙළෙඳපොළේ අයකරන පොලිය සියයට 13.5කි. ඒ අනුව ජනතාව වෙනුවෙන් රජය ඉතිරි සියයට 6.75 පොලී මුදල ගෙවීම මේ ‘සොඳුරු පියස’ ණය ක්‍රමයේ ඇති විශේෂත්වය බව ද ආචාර්ය සමරතුංග මහතා කීය.
ඊට අමතරව නිවාස යෝජනා ක්‍රමයකින් පළමුවරට නිවසක් මිල දී ගැනීමට අපේක්ෂිත මධ්‍යම ආදායම්ලාභී තරුණ තරුණියන් වෙත රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබාදීමට පියවර ගෙන ඇත. මේ ණය මුදල සඳහා ණයලාභියා ගෙවිය යුත්තේ සියයට 7ක පොලියකි. රජය ඔහු හෝ ඇය වෙනුවෙන් සියයට 5ක පොලී සහනාධාරයක් ලබාදෙයි.
0 comments :
Post a Comment