ගෝඨා, සජින් වාස්, නිශාන්ත ඇතුළු සිව් දෙනෙකුට නොතීසි!



ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුව ඇති දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා එම ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින් නොතිසි නිකුත් කර තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව,  විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ටද මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුව ඇති දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමේදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එම ආයතනවල අධ්‍යක්‍ෂවරු සහ වගකිවයුතු නිලධාරීන් ලෙස කටයුතු කළ මෙම නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස ඔවුන්ට නොතිසි නිකුත් කර තිබේ.

ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කර තිබෙන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදාත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාට සහ එහි හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ලබන 23 වැනි දාත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටුවා ඇති මෙම කොමිසමේ විමර්ශන නිලධාරීන්  හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment