රුපියල, ඩොලර් 164.37 යි.


ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් අද (14) ඉතිහාසයේ පළමු වතාවට රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 164 සීමාව ඉක්මවා ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 164.37ක් වූ අතර ගැනුම් අගය 160.94ක් ලෙස සටහන්ව තිබිණි. 

ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ. 

බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 165 ඉක්මවා තිබිණි. 

රුපියලට සාපේක්ෂාව ඩොලරයේ විකුණුම් මිල සම්පත් බැංකුවේ 164.85ක් ලෙසත්, මහජන බැංකුවේ 165.39ක් ලෙසත් කොමර්ෂල් බැංකුවේ 165.60ක් ලෙසත් ලංකා බැංකුවේ 164.15 ලෙසත් සටහන්ව තිබිණි.

ඊට අමතරව රුපියලට සාපේක්ෂාව ඩොලරයේ විකුණුම් මිල  එන්.එස්.බී බැංකුවේ 164.15ක් ලෙසත්, එන්.ඩී.බී. බැංකුවේ 164.60ක් ලෙසත් එච්.එස්.බී.සී. බැංකුවේ 166.85ක් ලෙසත් සටහන්ව තිබිණි. 

රුපියල ඉකුත් අගෝස්තු මාසයේදී සියයට 1.2කින් ද මේ මාසයේ මේ දක්වා කාලයේදී 0.8කින් ද දුර්වල වී ඇති අතර මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 6.1කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. 

දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් දා පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment