අලුත් රජයේ මාධ්‍ය ප්‍රකාශකගේ පුතා උසාවිය මඟහරියි.


අපරීක්ෂාකාරීව රිය අනතුරක් සිදු කරමින් යතුරුපැදිකරුවකු හප්පා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂාන් රමිත් බණ්ඩාර රඹුක්වැල්ල මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා අද (30) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාල නඩුව අද (30) කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු අද අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණු අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙරන්ජන් ඊරියගොල්ල මහතා අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කළේ සැකකරු අසනීපයෙන් සිටින බවයි.

නමුත් ඊට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම මත මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

නව රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඊයේ (29) පත් කළ කෙහෙළිය රඹුක්වැල්ල රමිත්ගේ පියාය.

මූලාශ්‍රය - ලංකාදීප

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment