අගමැති රනිල් අලුතින් දිව්රුම් දීමක් නැහැ : තීරණය වැරදි නම් හෙට ඇවිත් බහුතරය පෙන්වන්න.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පලවා හැර අගමැති ධුරයට පත් කල මහින්ද රාජපක්ෂ මහතා අද (14) පැවති විශ්වාස භංගයෙන් පරාජය වීම නිසා ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති පාලනය යලි ක්‍රියාත්මක වී ඇති බැවින් අදාල අමාත්‍යවරුන් අද සිට සිය අමාත්‍යංශ වල වැඩකටයුතු ආරම්භ කරන බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

පාර්ලිමේන්තුව කැඳවූ විට බහුතරය පෙන්වා ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති පාලනය යළි පිහිටුවන බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබිණ.

තීරණය වැරදි නම් හෙට ඇවිත් බහුතරය පෙන්වන්න - රනිල් 

විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කළ ලිපියක් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් බවත් අනෙක් පාර්ශ්වය එය පිළිගන්නේ නොමැතිනම් හෙට දිනයේදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"අගමැතිවරයෙක් ඉවත් කිරීමේ හා පත්කිරිමේ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට බලයක් නෑ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලීසියට ත් මතක් කරන්න කැමතියි. සමුන්තිරන් මහතා ස්ථාවර නියෝග ක්‍රියාත්මක නොවීමේ යෝජනාව තහවුරු වුණා.

විශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජාවට පක්ෂ වුණ සියල්ලම කතානයකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා.


තීරණය වැරදි නම් හෙට ඇවිත් යෝජනාවක් සම්මත කර ගන්න. පාර්ලිමේන්තුවේ බහුතරය දැන් තීරණය වෙලා තිබෙනවා. "

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment